අද සහ හෙට විශේෂ දුම්රිය

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් තම් ගම්බිම් බලා ගිය ජනතාවට යළිත් කොළඹට සහ පදිංචි ප්‍රදේශ බලා පැමිණීම සඳහා අද (17) දිනයේ සිට විශේෂ දුම්රිය ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එළඹෙන සඳුදා (18) දිනය දක්වා මෙම දුම්රිය ක්‍රියාත්මක කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා ප්‍රකාශ කළේ
17 සහ 18 දෙදින තුළ කොළඹ සිට බදුල්ල දක්වාත් බදුල්ලේ සිට කොළඹ දක්වාත් දුම්රිය දෙක බැගින් යොදවා තිබෙන බවය. යාපනයේ සිට කොළඹ දක්වාත් දුම්රියක් ධාවනය වීමට නියමිත අතර 19 වනදා උදෑසන බෙලිඅත්තේ සිට කොළඹ කොටුවට විශේෂ දුම්රියක් යොදවා තිබෙන බව ඔහු පවසයි .මෙම දුම්රිය අනෙකුත් දුම්රියන්ට අමතරව ධාවනය වේ.