අද ආසාදිතයින් 1228 ක්

මේ මොහොත වන විට අද දිනය තුළදී පමණක් කොවිඩ් -19 ආසාදිතයින් 1,228ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 111,090 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ආසාදිතව සිටි 764ක් අද දිනය තුළ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන  97,242ක් දක්වා ඉහළගොස් තිබේ.