අදත් හවස තද සුළං සමඟ වැසි

ඌව, නැගෙනිහිර සහ උතුරු මැද පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි ‍හෝ ගිඟුරුම් සහිත වැසි ඇති‍ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කි‍යයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ බස්නාහිර හා දකුණු පළාත්වලත් මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති‍ වෙන බවයි.

පොළොන්නරුව,මාතලේ සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලි මීටර 100 කට වැඩි වර්ෂාපතනයක් ද ඇති විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු හා තද සුළං ද ඇති වෙයි.