අත්‍යාවශ්‍ය දෙයකට හැරෙන්නට නාගොඩ රෝහලට එන්න එපා. සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.

පවතින වත්මන් තත්ත්වය හමුවේ කළුතර, නාගොඩ රෝහල වෙත බාහිර රෝගීන් පැමිණීම සීමා කරන ලෙස කළුතර සෞඛ්‍ය විද්‍යායතනය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

විශේෂයෙන් අළුත්ගම, බේරුවල සහ දර්ගා නගරවාසීන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස එම ආයතනය දැනුම්දෙයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය  සමඟ අදහස් දැක්වූ නාගොඩ මහ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා මේ බව සඳහන් කළේය.

රෝහල වෙත පැමිණීම හැකිතාක් අවම කරන ලෙස ඔහු ජනතාව වෙත විශේෂ ඉල්ලීමක් කළේය.