අටුලුගම සහ රත්නපුර ප්‍රදේශ කිහිපයකට පනවා තිබු සංචරණ සීමා ඉවත්කර ඇත.
ඒ අනුව, හෙට (27) උදෑසන 5 සිට දිස්ත්‍රික්ක 2ක ප්‍රදේශ කිහිපයක් හුදකලාබවින් නිදහස්කරන බව කොවිඩ් -19 පැතිරිම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එම ප්‍රදේශ මේසේය.
කළුතර දිස්ත්‍රික්කය –
බණ්ඩාරගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් අටුලුගම ප්‍රදේශයේ ,
659 ඊ – බෝගහවත්ත ග්‍රාම නිලධාරි වසම
659 සී – බමුණුමුල්ල ග්‍රාම නිලධාරි වසම
657 ඒ – කොළමැදිරිය ග්‍රාම නිලධාරි වසම
659 බී – කොරවෙල ග්‍රාම නිලධාරි වසම
660 – බමුණුමුල්ල ග්‍රාම නිලධාරි වසම
659 – අටුලුගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
659 ඊ – අටුලුගම බටහිර ග්‍රාම නිලධාරි වසම
660 ඒ – එපිටමුල්ල ග්‍රාම නිලධාරි වසම
659 ඩි – ගල්ගෙමන්ඩිය ග්‍රාම නිලධාරි වසම
රත්නපුර දිස්ත්‍රික්කය –
ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,
මොරගල ග්‍රාම නිලධාරි වසම