අටළුගම සම්පූර්ණයෙන් වසා දමයි.

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම අටළුගම ප්‍රදේශය විශේෂ අවධානයක් යටතට ගැනිමට පියවර ගෙන ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු එම ගම්මානයේ බොහෝ නිවාසවල සංචාරය කිරිම හේතුවෙන් ඇති වී තිබෙන අවදානම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

බණ්ඩාරගම අටළුගම ගම්මානය අද(27) සම්පුර්ණයෙන්ම බාහිර සබඳතාවලින් හුදකලා තර තිබීමට රජය පියවර ගනු ලැබීය.

ඒ අනුව අටළුගම නිවාස 26 ට අයත් පුද්ගලයන් 200 දෙනකු පමණ සම්පුර්ණයෙන්ම ස්වයං නිරෝධායනයකට ලක්කෙරෙනු ඇත.

මෙහිදී කිසිවකුට එම ගමෙන් පිටවීමට හෝ ගමට ඇතුලූ වීමට හෝ අවසර නොදෙන බව ආරක්ෂක අංශ කියයි.

පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදාවේ නිලධාරීන් යොදාවා ඇඳීරිනීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවත් පොලිසිය පවසයි.

මේවනවිට එම ගම්මානය සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල අධීක්ෂණය යටතේ පවතියි