අග්‍රාමාත්‍යවරයාගේ සාකච්ඡාවට සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සහභාගි වෙන්නේ නෑ.

රට තුළ පවතින වතාවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා, හෙට(03) දින කැඳවා ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හමුවට සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සහභාගි නොවන බව එම පක්ෂ නියෝජිතයින් අද මාධ්‍යට අනාවරණය කළේය.

කෙසේ වෙතත් අදාළ සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය සහභාගි වීමට නියමිතය.

අද මැතිවරණ කොමිසම සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව පක්ෂ නියෝජිතයින් මාධ්‍යයට අදහස් පළකිරීමේදී එම කරුණු අනාවරණ විය.
මැතිවරණ කොමිසම සමග අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී ඇති දේශපාලන පක්ෂ නියෝජිතයින් සහභාගි වූහ.