අගමැති මහින්දගේ ජන්මදිනය අද.

ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති හා වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ම දිනය අදට (18) යෙදී තිබේ.දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවැති ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අවසන් කොට නිදහස් හා සාමකාමී පරිසරයක් උදා කරමින් ජනතාවට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමෙහිලා නායකත්වය ලබා දීම හේතුවෙන් ඒ මහතා ශ්‍රී ලංකාවේ අති මහත් ජනතාවගේ ජනාදරයට සහ ජනප්‍රියත්වයට පත්ව සිටී. මේ වනවිට රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් සැමරුම් උත්සව සංවිධානය කිරීම සීමාකර තිබෙන අතර පැවැත්වෙන උත්සව සෞඛ්‍ය අංශ විසින් ලබාදී තිබෙන නිර්දේශ අනුව සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ.