ජනප්‍රිය සංගීතඥයෙක් වූ සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්තවේ

ප්‍රවීන ගායකයෙක් සහ සංගීතඥයෙක් වූ සුනිල් පෙරේරා මහතා සැප්තැම්බර් 06 දා අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වුණා.

මෙරට සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් අනුපමේය කාර්යභාරයක් ඉටුකළ ඒ මහතා මියයන විට 68 වැනි වියේ පසු වුණා.

මීට සති කිහිපයක පෙර කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් සුනිල් පෙරේරා මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ අතර ඉන් සුවය ලැබූ ඔහු සිය නිවෙසට ගොස් තිබූණා.

අනතුරුව මීට දින කිහිපයකට පෙර නැවතත් අසනීප වී තත්වය උග්‍රවීම නිසා ප්‍රතිකාර සඳහා ඔහුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ අතර ඔහු අභාවප්‍රාප්ත වී තිබුණේ එසේ ප්‍රතිකාර ලබමින් සිටින අතර බව වාර්තා වෙනවා.

සුනිල් පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කිරීමට නියමිතව තිබෙනවා.