සූස්ති 17 එයි.

තරුණ සිනමා අධ්‍යක්ෂ කුෂාන් වීරරත්න අධ්‍යක්ෂණය කළ සූස්ති මෙම මස 17 වැනිදා සිට රීගල්,මැජෙස්ටික් ,ලිඩෝ ඇතුළු  සී.ඊ.එල් මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත වේ.ගුත්තිල ස්ට්‍රැටජික් සොලූෂන් වෙනුවෙන් යූ.ඒ.පල්ලියගුරු නිශ්පාදන කළ සූස්ති හි කලණ ගුණසේකර සහ සමනලී ෆොන්සේකා ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබති.ඩබ්ලිව් ජයසිරි ,මොරීන් චාරුනී සහ ඩිස්නි රාජපක්ෂ සෙසු චරිත මවන සූස්ති කලණ ගුණසේකර ගේ තිර රචනයකි.
චින්තක සෝමකීර්තිගේ කැමරා අධ්‍යක්ෂණයෙන් හැඩවන සූස්ති චිමන්ත මහානාමගේ සංස්කරණයෙන් ද යශෝද ධනූපමගේ වර්ණ සංකලනයෙන්ද විචිත්‍රවත් වේ.සූස්ති ශබ්ද නිර්මාණය  සහ සංගීතය ආශා රාජපක්ෂ ගෙනි.මනනුවන් රූපසිංහ ගේ අංග රචනයෙන් සහ නිරෝධ වෙරංගගේ දෘශ්‍ය ප්‍රයෝගයෙන් සූස්ති නිර්මාණය වේ.සූස්ති හි නිශ්පාදන කළමනාකරණය සචිත් ෆොන්සේකා ගෙන් වන අතර ග්‍රැෆික් නිර්මාණ දුමින්ද කළුආරච්චි ගෙනි.
තාරුණ්‍යයේ නොදකින පැතිකඩ පිළිබඳ සියුම්ලෙස කතා බහට ලක් කරනු ලබන සූස්ති පවුලේ සැමට නැරඹිය හැකි චිත්‍රපටයකි.