සියයට 71 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කරති.

සමස්ත දිවයිනේ ම ඡන්දදායකයන්ගෙන් සියයට 71 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ ඡන්ද වීමසීම නිමාවීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ අද (05) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.

ඡන්ද විමසීම පැය 10ක් පුරා පැවැත්වුණේ, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පැනවූ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වය.

දිස්ත්‍රික්ක රැසක ඡන්දය ප්‍රකාශකිරීමේ ප්‍රතිශතය සියයට හැත්තෑව ඉක්මවා ගොස් තිබූ අතර
අඩුම ප්‍රතිශතය මෙවර වාර්තා වී තිබුණේ කුරුණෑගල,ගාල්ල පුත්තලම දිස්ත්‍රික්කවලිනි.

ඒ අනුව දිවයිනේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතයන් මෙසේ ය.

ගාල්ල 69%
නුවරඑළිය 75%
බදුල්ල 74%
ත්‍රිකුණාමලය 74%
මොනරාගල 74%
වන්නි 73%
රත්නපුර 73%
හම්බන්තොට 73%
කොළඹ 72%
දිගාමඩුල්ල 72%
මඩකලපුව 72%
පොළොන්නරුව 71%
කෑගල්ල 71%
මාතර 71%
කළුතර 71%
මාතලේ 71%
මහනුවර 71%
අනුරාධපුරය 71%
ගාල්ල 69%
කුරුණෑගල 69%
ගම්පහ 69%
යාපනය 64%
පුත්තලම 63%