මහ මැතිවරණය අගෝස්තු 05 වන දා

මහ මැතිවරණය එළඹෙන අගෝස්තු 05 වන දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවක දී මීට සුළු වේලාවකට පෙර සඳහන් කළේය.

ජූනි මස 20 වන දින පැවැත්වීමට නියමිතව තිබු මහ මැතිවරණය, 2020 අගෝස්තු මස 5 වන දින පැවැත්වීමට සුදුසු බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, සාමාජික ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර හා සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් යන අය විසින් ඒකමතිකව තීරණය කළ බවද ඒ මහතා පැවසීය.

ඒ සඳහා වු ගැසට් නිවේදනය කොමිෂන් සභාවේ සාමාජිකයින් විසින් අත්සන් තබා රජයේ මුද්‍රණාධිපතිවරයා වෙත යැවු බවද මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.