ඉල්ලීම් නිසි පරිදි දිනාගන්නා තුරු ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලය දිගටම

සිය අරගලය නවතා දැමීම සදහා විවිධ පාර්ශව සමාජ මාධ්‍යයේ ගෙනයන විරෝධතා ඉදිරියේ කිසිදු පියවරක් පසුපසට නොගන්නා බවද සිය ඉල්ලීම් නිසි පරිදි දිනාගන්නා තුරු අරගලය කිසිසේත් අත්නොහරින බව ලංකා ගුරුසේවා සංගමය අවධාරණය කරනවා.

එම නිසා සියලු විදුහල්පතිවරු සහ ගුරුවරුන් විසින් රටේ සිටින සියලු දෙමව්පියන් දැනුවත් කිරීමේ කටයුතු මේ මෙහොතේදී ආරම්භ කල යුතු බවට එම සංගමය තම සාමාජිකයින්ට දැනුම්දෙනවා.

මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලූව විසඳා ගැනීමට කටයුතුකරන ආකාරයෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා නැවතත් ඉගැන්වීමේ කටයුතු ආරම්භකරන්නැයි මල්වතු – අස්ගිරි අනුනායක හිමිවරුන් ගුරු වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියා.

මාස දෙකක කාලයක් තිස්සේ දරුවන් අධ්‍යාපනයෙන් ඈත්ව අයාලේ යෑමට ඉඩ හැරීම සමස්ථ ලාංකිකයින්ටම සිදුකරන මහත් අපරාධයක් බවට මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මල්වතු අනු නායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් පෙන්වා දුන්නා.

ගුරු විදුහල්පති ගැටලූ සම්බන්ධයෙන් රජය මේ වන විට ඉදිරිපත් කර ඇති විසදුම පිලිබදව නම්‍යශීලිව කටයුතු කරමින් දැනට ක්‍රියාත්මක ඔන්ලයින් ඉගැන්වීමේ ගුරු වර්ජනය තාවකාලිකව අත්හිටුවන ලෙසයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් ඉල්ලා සිටියා.