හාල්, කිරිපිටි, ගෑස්, සිමෙන්ති මිල ඉහළට ?

ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී රට තුළ ගෑස්, කිරිපිටි ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ යාම සිදුවිය හැකි බවට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවා.

කොටුව දුම්රිය ස්ථානය අසල පිහිටි රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නව Q – SHOP අලෙවිසැල අද (21) උදෑසන විවෘත කෙරුණු අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ලසන්ත අලගියවන්න මහතා,
ප්‍රායෝගිකව ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම අනුව යම්කිසි ආකාරයක වැඩිවීමකට යාමට සිදු වන බවත් විශේෂයෙන්ම සහල්, කිරිපිටි, ගෑස්, සිමෙන්ති පිළිබඳව මෙම සතියේ දී අවසන් තීරණයක් ගන්නා බවත් පැවසුවා.