ජනපති කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත්කර තිබෙන බව, ජනාධිපති මාධ්‍ය අංශය, මැයි මස 31 වනදා නිවේදනය කළා.

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපතිත්වයට ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා පත්කර ඇති අතර සෙසු සාමාජිකයින් පහත් පරිදි වනවා.

  1. මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා
  2. ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා
  3. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය මහතා
  4. ඕරල් කෝපරේෂන් – සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා
  5. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් – කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි මහතා
  6. මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා මහතා

පසුගියදා පාර්ලිමේන්තුවේදී තෙවෙනි වර කියවා 2/3 පාර්ලිමේන්තු ඡන්දයෙන් අනුමත කළ, සංශෝධන සහිත කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මැයි මස 27 වනදා පෙරවරුවේ අත්සන් තබා ඇති බව වාර්තා වුණා.