වසංගතය පිටුදැකීම සඳහා ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මකයි, අද රාතී සිට අන්තර් පළාත් සංචරණ සීමා

මැයි මස 10 වනදා, ජනාධිපති ලේකම් කාර්යාලයේදී, ජනාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, යුදහමුදාපති හා සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු බලධාරීන් සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නියෝජිතයින් එක්ව පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස කොවිඩ්-19 වසංගතය පිටුදැකීම සඳහා ජනාධිපතිවරයා ලබාදුන් ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇතිබව වාර්තා වෙනවා.

අද මැයි 11 මධ්‍යම රාත්‍රියේ සිට මැයි මස 31 වනදා මධ්‍යම රාත්‍රි දක්වා අන්තර් පළාත් සංචරණ සීමා පනවන බව යුද හමුදාපතිවරයා පවසනවා.

මෙම සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන අතර අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිවේදනය කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කරනවා.

තව දුරටත් කොවිඩ් -19 වෛරසය ව්‍යාපත්වීම සලකා බලා ඉදිරි කාලයේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද යුද හමුදාපතිවරයා පවස තිබුණා. මේ අතර, රටම වසා දැමීමේ අවශ්‍යතාවයක් පිළිබඳ ඇතැමුන් විද්‍යුත් සහ සමාජ මාධ්‍ය හරහා මත පළ කර තිබුණා. නමුත් එසේ පූර්ණ වශයෙන් රට වසා දැමීමට තීරණය කර නැති නිසා අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස් කිරීමට වෙළඳ සැල්වලට එක් නොවන ලෙස ද යුදහමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා තිබුණා.