කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ යටතේ ඇති කර්මාන්ත අමාත්‍යාංශය යටතේ මෙතෙක් පැවති ලංකා පොස්පේට් සමාගම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජුනි මස 18 වන දින ඇතිව නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයකින් මෙම ආයතන මාරු කිරීම සිදු කර තිබෙනවා.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා, තම පාලනය යටතේ එම ආයතනයේ ලාභ ලබන රාජ්‍ය සමාගමක් බවට පත් වූ බවත් ඉදිරියටත් එය ඒ ආකාරයෙන්ම පවත්වා ගෙනයනු ඇතැයි බලාපොරොත්තු වන බව සඳහන් කරනවා.

ඒ සමගම ලංකා පොස්පේට් සමාගම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් එක් කරගනිමින් ”ජෛව හරිත පොස්පේට්” නිෂ්පාදනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය ඇරඹීමට තීරණය කොට ඒ වෙනුවෙන් අවශ්‍ය පර්යේෂණ කටයුතු ඇතුළු නිෂ්පාදනයට අවශ්‍ය සියලු පසුබිම සකසා අවසන් කොට ජනගත කිරීමට සුදානමින් සිටියත් කොවිඩ් අර්බුධය සමග අවස්ථා කිහිපයකදී එය ප්‍රමාද වූ බවත් වීරවංශ අමාත්වරයා සඳහන් කර තිබෙනවා. ඒ අසමගම ජුනි මස 23 වනදා අමාත්‍යාංශයේදී ”ජෛව හරිත පොස්පේට්” පොහොර ව්‍යාපෘතිය ආරම්භ කිරීම සහ පවත්වාගෙන යෑම පිළිබදව එකගතා ගිවිසුම අත්සන් තැබීම සිදු කිරීමට නියමිතව තිබූ බව ද අමාත්‍යවරයා තව දුරටත් සඳහන් කරනවා.

මේ අතර ජුනි මස 19 වන දින නාවලපිටිය නගරයේදි මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරන්නේ පසුගිය කාලයේ ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව යටතේ තිබූ බවයි. ඒ අතර කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව වෙනුවෙන් රජය දියත් කර ඇති දැවැන්ත වැඩපිලිවෙලේ කොටසක් ලෙස මෙම පවරා ගැනීම සිඩු ඇති බවත් ඒ මහතා සඳහන් කරනවා.

ඒ අතර අමාත්‍ය විමල් විරවංශ මහතා ඉටුකල විශාල කාර්ය භාරය පැසසුමට ලක් කළ අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපේ රටේ පොස්පෙඩ් නිෂ්පාදනය කිරිමේ කටයුතු කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් පවසනවා.