‘EVER ACE’ – ලොව විශාලතම බහලුම් නෞකාව කොළඹ වරායට.

ලොව විශාලතම බහලුම් නෞකාව වන ‘EVER ACE’ නෞකාව ඊයේ (05) රාත්‍රියේ කොළඹ වරායට සේන්දුවී තිබෙනවා.

කොළඹ වරාය ද ඇතුළුව, මෙම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේම වරායවල් 24කට පමණක්වීම විශේෂත්වයක්.

වරාය අධිකාරිය දැනුම් දෙන්නේ ‘EVER ACE’ නෞකාව කොළඹ වරාය වෙත පිවිසි මංගල ගමන ද මෙය බවයි.

මෙය ශ්‍රී ලංකා වෙළෙඳ නාවික ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් වන බව ද වරාය අධිකාරිය පවසනවා..

නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරායෙන් පසුගිය ජුලි මාසයේදී මංගල සංචාරය ආරම්භ කළ ‘එවර් ග්‍රීන්’ සමාගමට අයත් ‘EVEර්‍ ඇCE’ නෞකාව, ලොව විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකාව වනවා.

මෙම නෞකාව දිගින් මීටර් 400ක් සහ පළලින් මීටර් 62ක් වනවා. නෞකාව තුළ බහාලුම් 24,000ක ප්‍රමාණයක් ගබඩා කිරීමට හැකියාව පවතිනවා.