වෙසක් පොහොයටත් රටපුරා සංචරණ සීමා, ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් වෙසක් උත්සවය සමරන්න.

කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ලබන 21 වැනිදා සිකුරාදා රාත්‍රී 11.00 සිට 25 වැනිදා අඟහරුවාදා අලුයම 4 දක්වාත් ඊට පසු 25 වැනිදා රාත්‍රී 11.00 සිට 28 වැනිදා සිකුරාදා අලුයම 4 දක්වාත් රටපුරා සංචරණ සීමා පැනවෙන බව කොවිඩ් 19 පාලනය කිරිමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී වන යුද හමුදාපතිවරයා පවසනවා.

මේ අනුව 2021 වෙසක් පුන් පොහොය දිනය සහ ඊට පසු දිනය යෙදී ඇති මැයි මස 26 වනදා සහ 27 වනදා රටපුරා සංචරණ සීමා පැනවෙනවෙනවා. එබැවින් රට පුරා බෞද්ධ ජනතාව ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් වෙසක් උත්සවය සැමරිය යුතු වෙනවා. විහාරස්ථානවල හා ඉන් පිටත ජනතාව එක්රැස් වන දාන, ශීල භාවනා, වෙසක් තොරණ හෝ වෙනත් පුණ්‍ය උත්සවය සංවිධාන නොකොට සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවයි තෛනිකායික මහනාහිමිවරු නිවේදනයක් නිකුත් කරමින් බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටියා

මේ අතර, පවතින සෞඛ්‍ය අවදානම කෙරෙහි සැලකිලිමත් වෙමින් ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් පවුලේ සියලුදෙනා හා නිවසේ සිට මෙවර වෙසක් උත්සවය සමරන මෙන් ද, සියලු නගර, රාජ්‍ය හා පුද්ගලික ආයතන හා නිවාස බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිවන අයුරින් වෙසක් සැරසිලි වලින් අලංකාර කරන මෙන් මහානායක හිමිවරුන් ප්‍රමුඛ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පසුගියදා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මැයි මස 23 වනදා සිට වෙසක් සතිය වෙනුවෙන් යාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය වෙසක් උත්සවය සහ වැඩසටහන බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් අවලංගු කෙරුණා.

කොවිඩ්-19 වෛරසය වේගයෙන් රට පුරා පැතිර යන නිසා ජනතාව සංචරණ සීමා කර සෞඛ්‍ය නීති අනුගමනය කරමින් කටයුතු කිරීම ඉතා වැදගත් බවත්, සියලු දෙනා එකතු වුවහොත් මෙම සතුරා පරාජය කිරීම අපහසු නොවන බවත් යුද හමුදාපතිවරයා අවධාරනය කරනවා.

2020 වසරේ වෙසක් උත්සවයද එවකට පැවති කොවිඩ්-19 වසංගතය නිසා එය උත්සවාකාරයෙන් පැවැත්වීමට බෞද්ධ ජනතාවට හැකියාව ලැබුණේ නැත.