නිරෝධායන ඇඳිරිය තවත් සති දෙකක කාලයකට දීර්ඝ කෙරේ

කොවි-19 වෛරසට පැතිරයාම පාලනය සඳහා රටපුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මේ අනුව නිරෝධායන ඇඳිරි නීතිය යළි අවසන් අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන ඔක්තෝබර් මස 1 වැනිදා අලුයම 4.00ටය.

සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන රැස්වීමේදී ජනාධිපතිවරයා එම තීරණය ගත් බව යුදහමුදාපතිවරයා සඳහන් කරනවා.

පසුගිය අගෝස්තු මස 20 වැනිදා කොවි-19 වෛරසට පැතිරයාම පාලනය කිරීම සඳහා රටපුරා නියෝජනය ඇඳිරි නීතිය පනවණු ලැබුවා. මේ අනුව සති 6 කට ආසන්න කාලයක් රෝධායන ඇඳිරි නීතිය ක්‍රියාතමක් කිරීමට සැලසුම් කර තිබෙන බව පෙනී යනවා