මැයි 09: ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන්! ඒ අතුරින් බොහොමයක් කැස්බෑව සහ පිලියන්දලින්.

ගෙවුණු දිනයේ (මැයි 09) වාර්තාවූ ආසාදිතයින් 2,672, මෙරටින් එක දිනයකදී හඳුනාගත් බවට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළ ඉහළම කොරෝනා රෝගීන් සංඛාව වුණා. මේ නි‍යැදි සාම්පල බොහොමයක් ඊට පෙර දින හෝ ආසන්න දිනයක ලබාගෙන පරීක්ෂාවට ලක් කෙරෙන බැවින් මේ වන විට මෙරට ආසාදිතයින් සංඛ්‍යාව බොහෝ ඉහළ අගයක් විය හැකියි. ඊයේ හඳුනාගත ඉතිරි ආසාදිතයින් අතුරින් 755ක් ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව සඳහන් වුණා. ඒ අතුරින්, ආසාදිතයින් 360ක් ම පිලියන්දල සහ කැස්බෑව ප්‍රදේශ කෝන්ද්‍රගතව වාර්තා වී තිබෙනවා. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 125,906 ක් දක්වා ඉහළ ගියා.

මැයි මස 09 වන දිනය තුළ සුවය ලබා පුද්ගලයින් 1365 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමග සමස්ත ආසාදිතයින් අතරින් සුවය ලැබූ පිරිස104,463 ක් දක්වා ඉහළ ගියා. මේ අනුව, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 20,642 ක් වෙනවා.මේ වන විට කොවිඩ්-19 වැලඳීමේන් සිදු වූ මරණ සංඛ්‍යාව 801 ලෙස වාර්තා වෙනවා.

එබැවින්, මේ වසංගත සමයේ රජය විසින් පනවා ඇති කොවිඩ්-19 පැතිර යාම වැළැක්වීමේ නිර්දේශ හොඳින් අවබෝධකරගනිමින් තම එදිනෙදා කටයුතු කරගෙන යාම රටවැසි අපේ වගකීම වෙනවා.