මැයි 14: හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 2,269ක්

අද (මැයි 14) දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,380 දෙනෙකු මුලින් වාර්තා වූ අතර අනතුරුව අද දිනයේ තවත් කොවිඩ් -19 ආසාදිතයන් 889 දෙනෙක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. මේ අනුව, අද (මැයි 14) දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,269ක්.

ඒ අනුව, මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 138,065ක් දක්වා ඉහළ ගියා.

අද දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 31ක් මරණයට පත්වූ බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 923ක් දක්වා ඉහළ ගියා. අද දින වාර්තාවූ මරණ වලින් වැඩිම කොටසක් කොවිඩ්-19 වෛරසය නිසා ඇතිවූ නිව්මෝනියාව හේතුවෙන් සිදුව ඇති ඒවා වන අතර දිනක් ඇතුළත මෙරට සිදුවූ වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාව මෙය වනවා.

මේ වන විට, බස්නාහිර පළාතේ ක්‍රියාත්මකවන කොවිඩ්-19 මර්ධන එන්නත්කරණ වැඩසටහන, අනතුරුව මහනුවර, කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය ඇමතිනිය ප්‍රකාශ කළා.

කොවිඩ්-19 මර්ධන එන්නත් කිරීමේදී දිනකට එන්නත්කරණය කලේ 2000-3000ක් අතර ප්‍රරමාණයක් බවත් ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ඒ සඳහා හමුදාව යෙද වූ පසු දිනකට 50,000 ඉක්මවා එන්නත් කරන බවත්, රූපවාහිණී නාලිකාවක් සමග එක්වෙමින් කොවිඩ්-19 පාලනය සඳහා හමුදාවේ මැදිහත් වීම පිළිබඳ සඳහන් කරමින් යුධහමුදාපති වරයා ප්‍රකාශ කළා.