2021 මැයි 31 දා දක්වා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය පිළිබඳ නව රෙගුලාසි 48ක් (සිංහල පරිවර්තනයේ ඇමුණුම කියවන්න)

කොවිඩ්-19 වසංගතය පිටුදැකීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වලරයා නිකුත් කළ පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය පිළිබඳ නව රෙගුලාසි 48 මින් ඉදිරියට ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අනුව, 2020 ඔක්තෝබර් 15 දා ගැසට් නිවේදනයේ 98 වැනි වගන්තිය හැර කොවිඩ් රෝගය මැඩ පැවැත්වීම සඳහා නිකුත් කළ සියලුම ගැසට් නිවේදන සියල්ල අවලංගු බවත් ඔහු පවසනවා. (සිංහල පරිවර්තනයේ ඇමුණුම ලිපියේ පහතින් කියවන්න)

අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසින් පිටතට යෑමේදී මින් පෙර ක්‍රියාත්මක කළ හැඳුනුම්පත් අංක ක්‍රමය ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවා.

මේ අනුව, නිවසින් පිටතට යාමේදී ඒ දිනය ඔත්තේ දිනයක් නම් හැඳුනුම්පතේ අවසානයට ඔත්තේ අංකයක් ඇති අයට ද ඉරට්ටේ දිනයක් නම් හැඳුනුම්පතේ අවසානයට ඉරට්ට අගයක් ඇති අයට ද නවසින් පිටව යාමට අවස්ථාව පවතී.

මැයි මස 12 දා සිට සිට මැයි මස 31 දා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට උදෑසන 4 දක්වා කාලයේදී දිවයිනේම වාහන ගමනා ගමනය සීමා වෙන අතර මෙම කාලයේදී පුද්ගල සංචරණය සීමා වනවා. එම කාලය තුළ, අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සඳහා අවසර හිමිවනවා.

ඒ අනුව, අද දිනයේ සිට ක්‍රියාත්මක වන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති නව මාර්ගෝපදේශ පහත ආකාරයට වේ.

  • භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසින් බැහැරව යාම හැඳුනුම්පතේ අංක අනුව.
  • පොදු ප්‍රවාහන සේවා ආසන ගණනට පමණයි.
  • කුලී රථයක දෙදෙනෙක් පමණයි.
  • උපයෝගීතා සේවා අවම කාර්ය මණ්ඩලයක් යටතේ.
  • රජයේ හා පෞද්ගලික ආයතන අවම කාර්ය මණ්ඩලයක් යටතේ.
  • රැස්වීමක උපරිම සංඛ්‍යාව 10යි. (කොවිඩ් ප්‍රශ්න ගැන පමණයි)
  • අපනයනය අරමුණු කරගත් කර්මාන්ත ශාලා, ජෛව බුබුලු අනුව පවත්වාගෙ යා හැකියි.
  • සුපිරි වෙළඳ සැල්/පොළ/ සියයට 25 ක ධාරිතාවකින්.
  • කෘෂිකර්මාන්තය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පවත්වාගෙන යා හැකියි.
  • ජංගම වෙළඳුන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කළ යුතුයි.
  • ඉන්ධන හා ඉදිකිරීම් සේවා සෞඛ්‍යරාක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කළ යුතුයි.
  • බන්ධනාගර වලට අමුත්තන් බෑ.
  • රෝහල් මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුයි.
  • දිවා සුරකුම්, පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල උපකාරක පන්ති වසා තැබේ.
  • මංගල උත්සව තහනම්, නමුත් විවාහයක් ලියාපදංචි කිරීම 15කගෙන් යුත් කණ්ඩායමකින් සිදුකළ හැකියි.
  • අවමංගල උත්සව සඳහා උපරිමය 15යි, පැය 24න් අවසන් කළ යුතුයි.
  • උත්සව සාද එක්රැස්වීම් බෑ.
  • පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් බෑ
  • ව්‍යායාම ශාලා මැයි 31 දා තෙක් වසයි.
  • සිනමා ශාලා/සැණකෙලි ක්‍රීඩා ස්ථාන වසයි.
  • අවන්හල් සියයට 25ක ධාරිතාවයකින්.
  • මධ්‍යසාර අලෙවි සැල් විවෘත කිරීම උදෑසන 10 සිට සවස 6 දක්වා පමණයි.
  • කැසිනෝ, ඔට්ටු, සම්බාහන ස්ථාන වසා තැබෙයි.