බස්නාහිර කොවිඩ් ආසාදිතයන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නව ක්‍රමවේදයක්

බස්නාහිර පළාත තුළ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සහ නිවෙස්වල තබා කළමනාකරණය කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.

දුරකතන ඇමතුම් සහ කෙටි පණිවුඩ මගින් මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව, කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව, එම කොරෝනා ආසාදිතයා

  • ශ්වසන අපහසුතා ඇති රෝගියෙක් නම් A අක්ෂරය ද
  • උණ රෝගී තත්ත්වයක පෙළෙන කෙනෙකු නම් B අක්ෂරය ද
  • කිසිදු රෝග ලක්ෂණයක් නැති කෙනෙකු නම් C අක්ෂරය ද

සටහන් කර වයස, හැඳුනුම් පත් අංකය සහ ලිපිනය සඳහන් කර, 1904 අංකයට කෙටි පණිවුඩයක් යොමු කළ යුතු වෙනවා.

එලෙස ලැබෙන තොරතුරු කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෛද්‍ය කණ්ඩායම් වෙත දැනුම් දෙනු ලබන බව එම මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ඉන් අනතුරුව, රෝගීන් සම්බන්ධීකරණය කර රෝගී තත්ත්වය සලකා බලා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන බව එම මධ්‍යස්ථානය දන්වා සිටිනවා.

එමෙන් ම, නිවෙස් තුළ නිරෝධායන වන රෝගීන්ට 1390 හරහා උපදෙස් ලබා ගත හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා

අදාළ නිවේදනය පහතින් දැක්වේ.