සියලු වනෝද්‍යාන සහ ජාතික උද්‍යාන අද සිට විවෘතයි.

කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු සියලු සත්වවෝද්‍යාන සහ ජාතික වනෝද්‍යාන අද (15) සිට නැවත විවෘත කරන බව පරිසර හා වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ අනුව යාල , විල්පත්තුව , උඩවලව , මින්නේරිය , කවුඩුල්ල ඇතුළු ජාතික උද්‍යාන 08ක් සංචාරකයින් සඳහා විවෘත කෙරෙනු ලැබේ.
කෙසේවෙතත් රජය විසින් ලබා දි ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ සංචාරකයින්, සංචාරක මඟ පෙන්වන්නන් හා සෆාරි ජිප් රථ රියදුරන් තරයේ පිළිපැදිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ජාතික උද්‍යානය තුළට ඇතුල් වීමට අවසර ලබා දෙන වාහන සංඛ්‍යාව ව ද සිමා කිරීමට තීරනය කර ඇති අතර යාල හා උඩවලව ජාතික උද්‍යානවලට දිනක දී ඇතුළු කළ හැකි උපරිම වාහන සංඛ්‍යාව 150ක් වෙයි.