ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන 02 සීමාව ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන 02 සීමාව ඉක්මවා තිබේ.
මේ වන විට සමස්ථ ආසාධිතයන්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 2,000,231ක් ලෙසය.

රෝගයෙන් 126,757දෙනෙකු මියගොස් ඇති බව නවතම වාර්තා සදහන් කරයි
සුවය ලැබූ සංඛ්‍යාව 484,603කි.
වැඩිම මරණ සංඛ්‍යාව වන 26,064ක් වාර්තා වී ඇත්තේ අමෙරිකාවෙනි.ඇමරිකාවේ සමස්ත රෝගීන් සංඛ්‍යාව හය ලක්ෂ දහහතර දහස ඉක්මවයි.
ඉතාලියෙන් වාර්තා වුණ මරණ සංඛ්‍යාව 21,067කි. ස්පාඤ්ඤයේ 18,255 දෙනෙකු කොරෝනා වයිරසයෙන් මියගොස් ඇත.