මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 2819 ක් වේ

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2984 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඊයේ (26) දිනයේ මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඔවුන්ගෙන් එක් අයකු කෙන්යාවේ සිටත්, අනෙක් දෙදෙනා මාලදිවයිනේ සිටත් මෙරටට පැමිණ ඇති බව සදහන්ය.

මේ අතර සුවය ලැබු මුළු ගණන 2819ක් දක්වා ඉහළ ගියේය.