මෙරට කොවිඩ් ආසාධිතයන් ගණන 3012 ක් වෙයි.

ඊයේ (30) දිනයේ නව ආසාදිතයින් 17දෙනෙකු හඳුනාගැනිමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3012ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ආසාදිතයින්ගෙන් 12 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් තිදෙනා මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඉන්දියාවේ සිට පැමිණි නාවිකයින් දෙදෙනෙක් ද ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් අතර වේ.

ඒ අනුව ආසාදිතයින් 140 දෙනෙකු මේ වන විට පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබයි.