මාලදිවයිනෙන් පැමිණි පහකට කොවිඩ්

මාලදිවයිනේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පස්දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව මෙරට දී මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3152ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 185කි. සුවය ලැබූ ගණන 2,955කි.