නාවික හමුදා සෙබලුන් 823 ක් සුවයි

කොවිඩ්-19 ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

කාත්තන්කුඩි හා වැලිකන්ද රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් දෙදෙනෙකු මෙසේ සුවය ලබා පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 823 දක්වා ඉහළ ගොස් ඇත.

රෝහල්වලන් පිටත්ව ගියද මෙම සියලුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.