දිවුලපිටිය සිසුවියගේ සමීපතමයන්ට කොවිඩ් නෑ.

දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට සහ ඇයගේ දියණියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම දියණිය ඉගෙනුම ලබන පාසලේ සිසු සිසුවියන්  සහ ගුරුවරුන් ඇතුළුව 101 දෙනෙකුට පීසීආර් පරීක්ෂණ සිදුකර තිබිණි.

එම පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව එම 101 දෙනාගෙන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.

මෙම පීසීආර් පරීක්ෂණ සිදුකර තිබෙන්නේ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ සිසුවියගේ පන්තියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට වන අතර ඔවුන්ගෙන් 42 දෙදෙනෙකු මේ වනවිට මීගමුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා ඇත. තවත් 06 දෙනෙකු නිවෙස් තුළම නිරෝධායනය වෙමින් සිටිති.

මේ අතර අදාල පාසලේ ඉගෙනුම ලබන සිසු සිසු‍වියන් ගුරුවරුන් ඇතුළු 1300 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධනයට යොමුකොට ඇත.