ජනපති සහ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සකඡාවක.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් කොවිඩ් 19 ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමන් කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාවක් පැවැත්වීය.

කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි බැවින් වෛරසය පැතිරයාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළේය.