කොවිඩ් වැළඳුණු 12කට සුවයි.

අද (02) උදෑසන වන විට කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 4 දෙනෙකු, ඉරණවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 5 දෙනෙකු සහ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු පූර්ණ එලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 3,245කි.

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 3,382ක් වන අතර, පුද්ගලයින් 124ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.