කොවිඩ් නිසා හුදෙකලා කළ කොළඹ මහල් නිවාස හයක් නිදහස්.

කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි හුදෙකලා කර තිබූ මහල් නිවාස සංකීර්ණ 06ක් අද (12) උදෑසන 6.00 සිට  හුදෙකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

ඒ අනුව,

මට්ටක්කුලිය රන්දිය උයන
මෝදර මෙත්සඳ සෙවණ
මෝදර මිහිජය සෙවණ
ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන
ග්‍රෑන්ඩ්පාස් සමගිපුර
දෙමටගොඩ මිහිදුසෙත්පුර යන නිවාස සංකීර්ණ හුදකලාභාවයෙන් ඉවත් කෙරේ.

අදාළ නිවාස සංකීර්ණයන් හි ජනතාවගේ සිදු කළ යුතු පීසීආර් පරීක්‍ෂණ නිමකිරීමෙන් පසු ලද ප්‍රතිඵල පදනම් කර ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.