ඊයේ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා නොවෙයි.

ශ්‍රී ලංකාවෙන් ඊයේ(20) දිනය තුළ දී කිසිදු කොරෝනා වෛරස් ආසාදිතයෙකු වාර්තා නොවූ බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

මෙරටින් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමේ සිට අද දක්වා කාලය තුළ කොවිඩ් ආසාදිතයින් 1950 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 1472 කු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඊයේ දිනයේ දී තවත් ආසාදිතයින් 26 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබුණි.