අගෝ 24: දිනයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 4,427ක් සහ පෙර දින සිදුවූ මරණ ගණන 190ක්

කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් ගණන 4,427 හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

එය මෙතෙක් මෙරටින් වාර්තා වු වැඩිම දෛනික ආසාදිතයින් ගණන වෙනවා.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 398,782ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

මේ අතර පෙර දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 190 බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ඒ අතර කාන්තාවන් 77 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 113 දෙනෙකුද සිටින අතර මියගොස් ඇති පිරිස අතර අවුරුදු 30ට අඩු එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වෙනවා.

මෙම මරණ 190 සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,750ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.