අගෝ 28: සමස්ත ආසාදිතයින් ගණන 4,582 දෙනෙකු සහ පෙර දිනයේ සිදුවූ මරන 212ක්

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් ගණන 4,582 දෙනෙකු අගෝස්තු 28 දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 421,557ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,203ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 355,394ක් බව සඳහන් වෙනවා.

කොවිඩ්-19 ආසාදනය වීම නිසා සිදුවූ මරණ 212ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

එම මරණ පෙර දිනයේ සිදුවූ මරන ලෙස තහවුරු කර තිබෙනවා.

මෙම මරණ 212ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,583ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

පෙර දිනයේ සිදුව ඇති එම කොවිඩ් මරණ 212න් 109 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 103දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 173 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයෙකු සහ කාන්තා‍වක් ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 37 දෙනෙක් අවුරුදු 30 – 59ක් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසනවා.