අගෝ 29: සමස්ත ආසාදිතයින් ගණන 4,612 දෙනෙකු සහ පෙර දිනයේ සිදුවූ මරන 192ක්

අගෝස්තු මස 29 දා මෙරට වාර්තා වු කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සමස්ත ගණන 4,612ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 426,169ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

මේ අතර අගෝස්තු මස 28 වනදා සිදුවූ කොවිඩ්-19 ආසාදිත මරණ 192 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අතර කාන්තාවන් 83දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 109 දෙනෙක් සිටින අතර මෙම මරණ 192ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,775ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 156 දෙනෙකු සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වෙනවා.