අගෝ 25: දිනයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 4,483ක් සහ පෙර දින සිදුවූ මරණ ගණන 198ක්

කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් ගණන 4,483 හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

එය මෙතෙක් මෙරටින් වාර්තා වු වැඩිම දෛනික ආසාදිතයින් ගණන වෙනවා.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 407,768ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

මේ අතර පෙර දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 198 බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ඒ අතර කාන්තාවන් 79 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 119 දෙනෙකුද සිටින අතර මියගොස් ඇති පිරිස අතර අවුරුදු 60 සහ ඊට වැඩි පිරිස 146ක් සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වෙනවා.

මෙම මරණ 198 සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,948ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.