අගෝ 21: දිනයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 3,884ක් සහ පෙර දින සිදුවූ මරණ ගණන 198ක්

කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් ගණන 3,884 හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 385,696ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

මේ අතර පෙර දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 198ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වෙනවා.

ඒ අතර කාන්තාවන් 81 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 117 දෙනෙකුද සිටින අතර මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 154 දෙනෙකු සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වෙනවා.

මෙම මරණ 198ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,183ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.