සැප්. 01 දා කොවිඩ් -19 වෛරසය ආසාදනය වු සමස්ත ආසාදිතයින් 3,828ක් සහ පෙරදිනයේ සිදුවූ කොවිඩ් මරණ 215ක්

සැප්තැම්බර් 01 දා කොවිඩ් -19 වෛරසය ආසාදනය වු සමස්ත ආසාදිතයින් ගණන 3,828 ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 444,130ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර පෙරදිනයේ සිදුවූ කොවිඩ් මරණ 215ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

මේ සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,400ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

කාන්තාවන් 100 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 115 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත් බව සඳහන් වෙනවා.

අවුරුදු 60ට වැඩි 167ක්, අවුරුදු 30ත් 59ත් අතර 46ක් සහ අවුරුදු 30ට අඩු දෙදෙනෙක් එලෙස මියගිය පිරිස අතර වෙනවා.