අගෝස්තු 16 දා ආසාදිතයින් 3,414ක් සහ අගෝස්තු 15 දා මරණ 167

කොවිඩ් 19 වෛරසය ආසාදිතවූ තවත් 167 දෙනකු අගෝස්තු 15 දා මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 6,263 ක් දක්වා ඉහළ යනවා.

මියගිය අය අතර පිරිමි අය 103 දෙනෙක් සහ කාන්තාවෝ 64 දෙනෙක් සිටිනවා. මියගිය අයගෙන් 130 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 36 දෙනෙක් සහ වයස අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද වෙන බව වාර්තා වෙනවා.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති 3,414 දෙනෙකු අගෝස්තු 15 දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 355,482ක් දක්වා ඉහළගොස් තිබෙනවා.