රෙවෝ ඇඩ්වර්ටයිසින් ව්‍යවසායකත්ව රන් සම්මාන දිනයි

අලෙවිකරණ සන්නිවේදන හා වෙළෙඳ ප්‍රචාරණ සේවා ආයතනයක් වන රෙවෝ රෙවලූෂන් ඇඩ්වර්ටයිසින් ඒජන්සි ආයතනය www.revo.lk බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව 2020 සම්මාන උළෙලේදී කුඩා පරිමාණ අංශයේ සේවා කාණ්ඩයේ විශිෂ්ටතම ව්‍යවසායකයා වශයෙන් සම්මාන දිනා ගත්තේය. ජාතික වාණිජ මණ්ඩලය සහ ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය එකව සංවිධානය කළ උළෙල පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ වරලත් වෙළෙද ප්‍රචාරණ ආයතනයක් වශයෙන් පරිපූර්ණ වෙළෙද ප්‍රචාරණ සේවාවන් ලබා දෙන රෙවෝ ඇඩ්වර්ටයිසින් ඕනෑම ව්‍යාපාරයකට අවශ්‍ය අලෙවිකරණය, සන්නාමකරණය ආදී සංකල්ප මූලික කර ගත් ATL වෙළෙඳ ප්‍රචාරණ සේවාවන් පිළිබඳ උපදේශනයේ සිට සියලුම සේවාවන් ලබා දෙන ආයතනයකි.

රූපවාහිනි, විඩියෝ, රේඩියෝ සහ පුවත්පත් ප්‍රචාරණ නිර්මාණ, සියලුම ග්‍රැෆික් හා ලාංජන නිර්මාණ, පුවත්පත් නිවේදන සේවාවන්, විකුණුම් හා ප්‍රවර්ධන කණ්ඩායම්, සමාජ ජාලා මෙහෙයුම්, වෙබ් අඩවි නිර්මාණය, සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණ ලිවීමේ හා පරිවර්තන කටයුතු වැනි සේවා කාණ්ඩ 16ක් යටතේ සේවාවන් සපයයි. ඒ සඳහා වසර ගණනාවක් පුරා ලෝකයේ කීර්තිමත් වෙළෙද නාම සමග කටයුතු කරන පළපුරුදු ප්‍රවීණ කාර්ය මණ්ඩලයක් රෙවෝ ඇඩ්වර්ටයිසින් සතුය. ඉදිරියේදී ඔවුන් ඊමේල් මාකටින් ඔස්සේ ඊමේල් යවන්නාට සහ ලබන්නාට යන දෙපාර්ශ්වයටම වාසි සහගත අයුරින් බල්ක් ඊමේල් මාකටින් සේවාවන් සක්‍රියව හඳුන්වා දීමට නියමිතය. “අපි තවත් වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක් නෙවෙයි. ඔබේ ව්‍යාපාරයේ විප්ලවීය දියුණුවක් ඇති කිරීම අපේ ව්‍යාපාරයයි යන තේමාව මුල් කර ගනිමින් තමයි අපි සේවාවන් සපයන්නේ. මේ ගත වෙන්නේ අපේ සාර්ථක පස්වන අවුරුද්ද. වසර පහක් වන විට මේ වගේ සම්මානයක් ලබා ගන්න හැකි වුණේ අපේ සේවා විශිෂ්ටත්වය නිසයි. ඒ වෙනුවෙන් මම ආයතනයේ කාර්ය මණ්ඩලයටත්, අපට ව්‍යාපාර අවස්ථා ලබා දුන් සේවාලාභීන්ටත්, ව්‍යාපාර හවුල්කරුවන් ඇතුළු සහාය දුන් සැමටත් මගේ විශේෂ ස්තුතිය පළ කරනවා.” ව්‍යාපාර ප්‍රධානී / නිර්මාණ අධ්‍යක්ෂ රෙවෝ පැතුම් වීරමන්ත්‍රී මහතා පැවසීය.

රෙවෝ ඇඩ්වර්ටයිසින් ආයතනය නිකුත් කරන පුවත්පත් නිවේදන මෙම වෙබ් අඩවිය හරහා පාඨක ඔබට ලබාදීමට කටයුතු සලසා ඇත.