කොවිඩ්-19 ආසාදිතයින් ගණන 3169 වේ.

ඒ ඊයේ (11) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් 14 දෙනා ද සමග මෙරට කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3169 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි 7දෙනෙකු, සෞදි ආරාබියේ සිට පැමිණි දෙදෙනෙකු සහ මාලදිවයිනේ සිටි පැමිණි 05 දෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඔවුන් සියලුදෙනා මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන වෙමින් සිටි පුද්ගලයින් බව සඳහන්ය. මෙරට සමස්ථ ආසාදිතයින්ගෙන් 2969 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 188 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබති.

Close Menu