දිනන අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවා.මහින්ද කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව දිනන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා නුවරදී පැවැසුවේය.

මල්වතු හා අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී දළඳා මාළිගාව වෙත ගිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී දන්ත දාතුන් වහන්සේ වැද ආශිර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත ගිය මහින්ද රාජපක්ෂ මැතිතුමා මල්වතු විහාර පාර්ශවයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් බැහැ දැක අශිර්වාද ලබා ගත්තේය.

මල්වතු පාර්ශවයේ අනුනායක අතිපුජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම අනුනාහිමියන් බැහැ දැක අශිර්වාද ලබා ගත් අවථාවේ අදහස් දැක්වූ අනුනාහිමියන් පැවසුවේ 30 වසරක් තිබූ යුද්ධය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අවසන් කළ බවත් සංවර්ධ කටයුතු නිසි පරිදි සිදු කළ මහින්ද රාජපක්ෂ මහතා කෙ‍රෙහි ජනතාව දැඩි විශ්වාසයක් තබා ඇති බවත්ය.
එම නිසා ඒ ගැන මනා අවබෝධයෙන් කටයුතු කළ යුතු බව අනු නාහිමියන් විපක්ෂ නායක මහින්ද රාජපකිෂ මහතාට පැවසීය. එමෙන්ම සම්බුද්ධ ශාසනයෙහි දියුණුව වෙනුවෙන් එතුමා කළ සේවයද අගය කළේය.

ඉන් අනතුරුව මල්වතු අනුනායක අතිපුජ්‍ය නියන්ගොඩ ශ්‍රී විජිතසිරි අනුනාහිමියන් , අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ඥානරතන මහ නාහිමියන්ද බැහැ දැක අශිර්වාද ලබා ගත්තේය.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනු නාහිමිවරුන් වන වෙඩරුවේ ශ්‍රී උපාලි අනු නාහිමියන්, ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සී අනු නාහිමියන් හා අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියන්ද එක්වූහ.

පසුව ගැටඹේ රාජෝපවනාරාම විහාරය වෙත ගොස් විහාරාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරි විමල නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙහිදී අදහස් දැක්වු සිරිවිමල නාහිමියන් මේ වන විට රට විනාශ වී පවතින බවත් එයින් ගොඩා ගැනීම සඳහා සියලු වාද භේද අමතක කර සියලුම භික්‍ෂූන් වහන්සේලා එක් වී කටයුතු කළ යුතු බව පැවසීය.

ඉන් අනතුරුව අස්ගිරි පිරිවෙන වෙත ගිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.

 

Close Menu