ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පූජ්‍ය ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි­යන්ට

2020 මහ මැති­ව­ර­ණ­යෙන් අපේ ජන බල පක්ෂ­යට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පූජ්‍ය ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි­යන්ට ලබා­දී­මට පක්ෂයේ විධා­යක සභාව ඒක­ම­ති­කව තීර­ණය කර තිබෙන බව පක්ෂයේ සභා­පති සමන් පෙරේරා මහතා පවසයි.

මේ මන්ත්‍රී ධුරය සම්බ­න්ධ­යෙන් අර්බු­ද­කාරී වාතා­ව­ර­ණ­යක් මේ වන විට උද්ග­තව පැවැ­තිය ද, ඉදිරි සති­යක් හෝ දෙකක කාලය තුළදී අනි­වා­ර්ය­යෙන්ම ජනතා අපේ­ක්ෂා­වට අනුව ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි­යන් පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කිරී­මට ඉදි­රි­පත් කරන බව ඒ මහතා කියා සිටී.

රාජ­ගි­රියේ නාවල පාරේ පිහිටි ශ්‍රී සද්ධ­ර්ම­රා­ජික විහා­ර­ස්ථා­නයේ පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (09) ප්‍රකාශ කළේය.

Close Menu