කරුණා රහස් පොලිසිය කළ කැඳවීමට අනුගත විය යුතුයි.ඇමැති විමල් වීරවංශ කියයි.

පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මලක කතාව සම්බන්ධයෙන් විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් රහස් පොලිසිය කළ කැඳවීමට අනුගත විය යුතු බවත් එසේ නොවන්නේ නම් අධිකරණ නියෝග ගෙන අත්අඩංගුවට ගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බවත් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා කිසිම හේතුවක් මත පක්ෂග්‍රාහී තීරණ නොගන්නා අයකු බව තමා හොඳින් දන්නා බවත් දේශපාලන පක්ෂ, පාට, කඳවුරු කිසිවක් නොසලකා ඒ මහතා කටයුතු කරන බවත් කියා සිටි වීරවංශ මහතා නීති විරෝධී යම් දෙයක් කළ අයකු සිටී නම් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම්වරයා උපදෙස් ලබා දෙන බවත් මෙහිදී කියා සිටියේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (24) එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකින් අනතුරුව මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි

Close Menu