සමස්ත කොවිඩ් ආසාධිතයන් ගණන 19000දක්වා ඉහළට.

අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 220ක් වාර්තා වීමත් සමග මෙරට දී හමුවු කොවිඩ් ආසාදිතයින් ගණන 19,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 19,061ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේ හමුවු නව ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන  බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Close Menu