රෝහලෙන් පැනගිය කාන්තාව සොයා මෙහෙයුම්

කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා සමඟ පළාගිය කාන්තාව සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ඇය ඇහැලියගොඩ පදිංචිකාරිනියකි.

එහිදී ඇගේ දරුවා නිවසේ සිටි ඥාතීන් වෙත භාරදී සිටිය දී ඊයේ (20) සොයාගැනුණි.

වයස අවුරුදු 25 ක් වන අදාළ කාන්තාව තවදුරටත් අතුරුදන්ව සිටීම හේතුවෙන් ඇයගේ ඡායාරූපයක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කෙරුණි.

කෙසේවෙතත් ඇය බස්රථයකින් බැසගොස් කිරිඇල්ල නගරයට යාබද කැලෑබඳ ප්‍රදේශයක සැඟව සිටින බවට තොරතුරු ලැබීමත් සමග ඇයව සොයා මේවනවිටත් පොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.

Close Menu