මත්තල ගුවන් තොටුපළ යළි මෙහෙයුම් අරඹයි

යහපාලන ආණ්ඩු සමයේ වී ගබඩා කිරීම සඳහා යොදා ගත් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ වසර හතරහමාරක පමණ යළිත් වරක් අන්තර් ජාතික මට්ටමේ මගී ගුවන් මෙහෙයුම් සහ දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවා ආරම්භ කර තිබේ.

අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් සඳහා ගුවන් භාණ්ඩ ප්‍රවාහන කටයුතු ඊයේ (09දා) සිට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ආරම්භ කරන ලද අතර ටොන් 28 ක භාණ්ඩ රැගත් එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානය ඊයේ (09) පස්වරුවේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමත් සමඟ මෙම ගුවන් භාණ්ඩ මෙහෙයුම් කටයුතු ආරම්භ වූ බවද ඒ මහතා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රමුඛතම ගුවන් සේවා රැසක් මේ වන විට මත්තල ගුවන් තොටුපළ හරහා සිදුවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

Close Menu